පියාට අත්වූ ඛිෙදවාචකය ගැන සිතනකොටත් ජීවිතේම එපා වෙනවා

ඒ 1976 අවුරුද්දේ අග භාගය. මම අවුරුදු දහතුනක කොලු ගැටයෙක්. ඒ තමයි මතෛක් මගේ ජීවිතේ මම අත්වින්ඳ දරුණුතම කම්පනය සහ අදහගන්න බැරි වුණ සිදුවීම. මගේ අප්පච්චි මරා දමලා තියෙනවා මම මගේ ඇස්දෙකෙන්ම දැක්ක වුණත් මම කොහොම ඒක විශ්වාස කරන්නද? අප්පච්චි ඒ විදිහට මිය ගියා කියලා මගෙ හිත පිළිගන්නෙම නැහැ.

ඒ යථාර්ථය මගෙ හිත පිළිගන්න දවස් කිහිපයක්ම ගත වුණා කියලයි මට මතක. ඒ හද කම්පාකරවූ සිදුවීම සිදු වෙලා මේ වෙද්දී  දශක හතරක්ම ගත වෙලා ගිහින් තිබුණත් ඒ කම්පාව අලුත් කරවමින් මට මතක් කර දෙන තවත් දුකක් ඒ තුළ තියෙනවා.

පුංචි වුණත් ඒ වෙද්දිත් මම කලාව තුළ නොයෙක් දස්කම් දක්වමින් හිටියේ. 1976 අවුරුද්දේ ජනවාරියේ දවසක මගේ අප්පච්චි මට කියනවා “පුතේ ඔයාගේ ෆොටෝ එකක් පත්තරේක වැටෙනවා දකින එක තරම් ලොකු සතුටක් මට තවත් නැති වේවි” කියලා.

මම කලා ලෝකයේ ඉදිරියට යන හැටි හීන මවපු මගේ අප්පච්චිව සාහසික විදිහට මරලා දාන්නේ ඒ අවුරුද්දෙම දෙසැම්බර් මාසෙ. ෙදෙවයේ සරදමක් වන්නේ 1977 අවුරුද්දේ ජනවාරි මාසේ මගේ ෆොටෝ එකක් මිහිර පත්තරේ පුංචි හපන්නු තීරයේ පළවෙද්දී මට ඒක පෙන්නන්න මගේ අප්පච්චි මා ළඟ නෑ. “අප්පච්චි … මෙන්න ඔයාගේ පුතාගේ පින්තූරයක් පත්තරේ දාලා” කියලා කෑගහලා කියන්න තරම් දුකක් ඒ වෙලාවෙදි මට දැනුණා.

එදා ඉඳලා මේ දක්වා මගේ ඡායාරූප සිය ගණනක් පත්තරවල පළවෙන්න ඇති. නොයෙක් නාලිකා ඔස්සේ මාත් එක්ක පවත්වපු සම්මුඛ සාකච්ඡා විකාශනය වෙන්න ඇති. ඒ හැම සිද්ධියක් එක්කම අප්පච්චිගෙ අර වචන ටික මගෙ හද පාරවමින් මතකයට නැගෙනවා. අනේ මාව දකින්න අප්පච්චි අද හිටියනම් කියලා, ඒ වෙලාවට මට දහස්වර හිතෙනවා.

2